Sunday, November 24, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ කණ්ඩායම් 04ක ඉරණම තීරණය කරන තීරණාත්මක දිනය අද




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අතිශය තීරණාත්මක තරඟ 02ක් අද පැවැත්වෙනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ නවසිලන්තය සහ පකිස්ථානය අතරයි.

එම තරඟය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්. නවසිලන්තය මෙම තරඟය ජය ගතහොත් ඔවුන්ට අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසිම පිළිබඳ බලාපොරොත්තු වැඩි කර ගත හැකියි.

ඔවුන් මේ දක්වා සහභාගී වූ තරඟ 07න් ජය ගෙන ඇත්තේ තරඟ 04ක් පමණයි. ඒ අනුව, අද තරඟයෙන් පසුව ඔවුන්ට ඉතිරි වන්නේ ශ්‍රී ලංකා තරඟය පමණයි. 


පකිස්ථානයටද මෙම තරඟය අතිශය වැදගත්. ඔවුන්ට අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසීමට නම් මෙම තරඟය අනිවාර්යෙන්ම ජය ගත යුතුයි.

ඒ, ඔවුන් සහභාගි වූ තරඟ 07න් 03ක් පමණක් ජය ගෙන ඇති බැවින්. ඒ අනුව, අද තරඟය පකිස්ථානය පරාජයට පත් වුවහොත් ඔවුන්ට තරඟාවලියෙන් ඉවත් විමට සිදුවනු ඇති. 


අද දිනයේ දෙවන තරඟය පැවැත්වෙන්නේ ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතරයි. ඔස්ටේ්‍රලියාව මෙම තරඟය ජය ගතහොත් ප්‍රසාද ලකුණු 10ක් සමඟ ඔවුන්ට අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

එංගලන්තය මේ දක්වා සහභාගී වූ තරඟ 06න් ජය ගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි.