ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මත ගැටුම් පැවතිම ශ්‍රි ලංකා කණ්ඩායමේ පරාජයන්ට මුලික හේතුව බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
වසරක පමණ කාලයක සිට එම පාර්ශව අතර මෙම මත ගැටුම් පැවතීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩිව බලපා ඇති බවයි නෙත් නිවුස් කල විමසීමකදි මන්ත්‍රීවරයා පැවසුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් යලි නිවැරදි මඟට ගත යුත්තේ කෙසේ දැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් විමසීමක් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද අමිහිරි පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරීන් ඉල්ලා අස්විය යුතු බවට ක්‍රිකට්ලෝලින් මෙන්ම විවිධ පාර්ශව බලකර සිටියා.
එවන් පසුබිමක් තුලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණේ.