Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්




ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින්. එම අතුරුපාලක කමිටුවට සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළත් අතර එහි සභාපතිධූරය සඳහා අර්ජුන රණතුංග පත් කර ඇති බවයි ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දිනවල ලද අමිහිරි පරාජයන් හමුවේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් ඉල්ලා අස් විය යුතු බවට බොහෝ පාර්ශවයන් පෙන්වා දුන්නා.