ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය මගින් පළව ඇති වාර්තා ගැන මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ගේ නම් වෙනුවෙන් අනුමැතියක් පවා ක්‍රිඩා ඇමතිවරයා රැගෙන නැතැයි ද මෙහිදි හෙළිව තිබේ.
එසේම අතුරු කමිටුවක් පත් කිරීම ගැන අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දි ක්‍රිඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරු කිහිප දෙනෙකු සුදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරනමුත් මෙවර ක්‍රිඩා ඇමතිවරයා මේ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නැතැයි ද වාර්තාවේ