තැපැල් සේවකයින් ආරම්භකළ සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් ඊයේ දිනයේ මෙන් ම අද දිනයේද තැපැල් කාර්යාලවල රාජකාරීවල නිරත නොවන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.
එකතු වී ඇති ලක්ෂ 15කට ආසන්න තැපැල් භාණ්ඩ හෙට දිනයේ බෙදා හැරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගනු ලැබූවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර දැක්වුයේ මෙවන් අදහසක්.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණිමට එරෙහිව ප්‍රදේශයේ සියලු පාර්ශව එක්කර ගනිමින් එම තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවක් සිදුකරන බවද ඔහු කියා සිටියා.