Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිවයිනට - පරාජය ගැන විශේෂ අනාවරණයක්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බව   ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ පවසනවා.

ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ හේතුවෙන් මෙම ඛේදනීය පරාජය අත් බවයි ඔහු සඳහන් කළේ.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.


තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ තරඟාවලියේ අග භාගයේදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද මානසික පීඩනයක් එල්ලවූ බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙකු පමණක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩකයින් , පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන්  ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා. මේ එහිදී මාධ්‍ය නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්.


ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද මෙහිදී අදහස් පළ කළා.


ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.