Sunday, May 5, 2024

General line - 0115112241

පකිස්තානයේ ආර්ථිකය තවමත් අවදානමේ




2022 වසරේදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

එම රටවල් තවදුරටත් පවතින්නේ අර්බුධකාරී තත්ත්වය මධ්‍යයේයි.

එහෙත් එම ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා රටවල් දෙක ගනු ලැබූ ක්‍රියාමාර්ග, ඒ සඳහා ඔවුන්ගේ ප්‍රතිචාර සහ ඒ ඔස්සේ රටවල් දෙක ලැබූ ප්‍රතිඵලවල සැලකිය යුතු ලෙස වෙනස්කම් ඇති බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

ශ්‍රී ලංකාව සෙමෙන් නමුත් ස්ථාවර ප්‍රකෘතිමත් වීමේ මාවතක් කඩිනමින් ආරම්භ කළ බව ඔවුන් පවසනවා.

එහෙත් ශ්‍රී ලංකාවට සාපේක්ෂව පකිස්ථානය ආර්ථික අර්බුධයෙන් ගොඩඒමේ උත්සහය  පවතින්නේ ඉබි ගමනකයි.

දේශපාලනම වශයෙන් පවතින අස්ථාවරත්වය පකිස්තානයේ ආර්ථික අර්බුධය තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.

ඉලක්කම් දෙකක උද්ධමනය, ආහාර හිඟය, වැඩිවන විදේශ ණය, අධික ආරක්ෂක වියදම්, දූෂණය, බාහිර අස්ථාවරත්වය සහ දේශගුණය ආශ්‍රිත බලපෑම් හමුවේ පකිස්තානයේ ආර්ථිකයට එල්ල වී ඇත්තේ දැඩි අභියෝගය රැසක්.

රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම ඉන්ධන ආනයන වියදම් වැඩිවීම එරට ආර්ථික ගැටලු උග්‍ර කර තිබෙනවා. 

2023 ජූලි මාසය වන විට, පකිස්ථානය සමාජ හා දේශපාලනික අස්ථාවරත්වය සමඟින් සියයට 28.3 ක භයානක උද්ධමන අනුපාතයක් සමඟ පොරබදමින් සිටියා.

ඉන් අනතුරුව ඔවුන් බාහිර ණය බැඳීම් පැහැර හැරීමේ අවදානමට මුහුණ දුන්නා.

ඒ ඔස්සේ පකිස්තානය ජාත්‍යන්තර වශයෙන් දැඩි ලෙස පිරිහීමට ලක්ව සිටින බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.