Sunday, November 24, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියා - බංග්ලාදේශ තරඟයෙන් ශ්‍රීලංකාවට ලැබෙන වාසිය




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියා - බංග්ලාදේශ තරඟය දැන් පැවැත්වෙනවා.

මෙම තරගය මෙම කණ්ඩායම් දෙකේ ලෝක කුසලාන ඉදිරි ගමනට බලපෑමක් කරන්නේ නැහැ.

ඒ, ඔස්ටේ්‍රලියාව සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති වීමත්, බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත්ව සිටීමත් හේතුවෙන්. 

කෙසේ වෙතත් මෙම තරගයෙන් බංග්ලාදේශය දරුණු පරාජයකට ලක්වුවහොත් ශ්‍රී ලංකා පිලට 2025 චැම්පියන්ස් කුසලානට සුදුසුකම් ලබා ගැනීමට එය හේතුවක් වීමට ඉඩ පවතිනවා.

අද තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශය පන්දුවාර 15ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 99ක් රැස් කරගෙන සිටියා.