ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීමෙන් අනතුරුව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පළමුවරට මාධ්‍ය හමුවකට සහභාගී වුණා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක ලෝක කුසලානයේ තරඟ දෙකක් පමණක් ක්‍රීඩා කිරීම සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට යම් පාර්ශවයකින් බලපෑමක් එල්ල වූයේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
මේ ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ උපදේශකවරයෙකු වශයෙන් පත් කෙරුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියාව සමඟ පැවති තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 55ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදි ප්‍රශ්න කළා.
මේ ඒ සඳහා පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මහින්ද හලංගොඩ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක කුසල් මෙන්ඩිස්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අතර තරඟ පරාජයන් සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයදින බවයි ඔහු එහිදී පැවසුවේ.