Sunday, May 5, 2024

General line - 0115112241

ගාසා හි විශාලතම රෝහලේ කොටසක් ඊශ්‍රායල හමුදාව විනාශ කරයි




ගාසා නගරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලේ හෘද රෝග ඒකකය ඊශ්‍රායල විසින් විනාශ කර ඇතැයි හමාස් සංවිධානය පවසනවා.

එමෙන්ම විදුලිය විසන්ධි වීම හා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් රෝහලේ මෙහෙයුම් කටයුතු මේවනවිට සම්පූර්ණයෙන් නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල තුළ රෝගීන්, තුවාලකරුවන් ධාරිතාවය ද ඉක්මවා සිටින අතර අළුත උපන් බිළිඳුන් 37 දෙනෙකු පමණ ද සිටින බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

විදුලි සැපයුම බිඳ වැටීම හේතුවෙන් එම දරුවන්ගේ ජීවිත අවදානමකට වැටී ඇතැයි ද සඳහන්.

මේ අතර ඊශ්‍රායලය හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පිහිටි තවත් රෝහල් කිහිපයකම මෙහෙයුම් කටයුතු නතර වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ හමාස් සටන්කාමීන් එම රෝහල් තුළ සැගව සිටින බවයි.

ඒ අනුව ගාසා නගරයේ පිහිටි ඇතැම් රෝහල් මේවනවිට ඊශ්‍රායල හමුදාව විසින් වට කර ඇතැයි ද වාර්තා වනවා.