Sunday, November 24, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව 09වන තරඟයත් ජය ගනීි




එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩව එක්දින තරග 9ක් දිනූ ලොව තුන්වන රට බවට පත් වීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ලෝක කුසලානයේ මූලික වටයේ අවසන් තරගයෙන් නෙදර්ලන්තය ලකුණු 160කින් පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 410ක් රැස් කලා.

ෂ්‍රෙයර්ස් අයියර් නොදැවී ලකුණු 128යි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල නෙදර්ලන්තයේ සියලු දෙනා ලකුණු 250කට දැවී ගියා. 

මෙහීදී ඉන්දියාව නව වාර්තා කිහිපයක්ද බිහිකලා.

මේ වසරේ ඉන්දියාව ලකුණු 350 හේ සීමාව පසු කල 08 වන අවස්ථාව වන අතර එය සැලකුණේ කිසියම් කණ්ඩායමක් එක් වසරක් තුල ලකුණු 350 හේ සීමාව වැඩිම වාර ගණනකදී පසු කර ගිය අවස්ථාව ලෙසයි.

මෙම තරගයේදී ඉන්දීය පිතිකරුවන් 05 දෙනෙකු ලකුණු 50කට වඩා රැස් කල අතර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එවැන්නක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම තරඟයේදී එල්ල කල 06 පහර සමග ඉන්දියාව මේ වසරේ එක්දින තරග 30කදී 06 පහර 215ක් එල්ල කර තිබෙනවා.

එය සැලකෙන්නේ කිසියම් කණ්ඩායමක් එක්දින පිටියේ වසරක් තුල එල්ල කල වැඩිම හයේ පහර ලෙසයි.