Sunday, May 5, 2024

General line - 0115112241

ගාසා රෝහල්වල සිටින බිළිඳුන් සහ රෝගින් මිය යමින් ඇතැයි වාර්තා




පවතින යුධ ගැටුම් මධ්‍යයේ ගාසා තීරයේ පිහිටි රෝහල් වල තත්ත්වය අතිශය ඛේදජනක බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම මාධ්‍ය පෙන්වා දෙන්නේ විදුලිය, ආහාර, ජලය සහ ඖෂධ හිඟය හේතුවෙන් රෝහල් තුළ සිටින රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර ගාසා නගරයේ පිහිටි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල තුළ සමූහ මිනිවළක් පවතින බව ද ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන් පවසන්නේ රෝහල තුළ මියයන රෝගීන් සහ අළුත උපන් නොමේරූ දරුවන් රෝහල තුළම මියයමින් සිටින බවයි.

එලෙස මියගිය සංඛ්‍යාව 179 ක් බවත් ඉන් 30 දෙනෙකුගේ සිරුරු රෝහල තුළම වළදමා ඇති බවත් විදෙස් මාධ්‍ය පැවසුවා.

රෝහල තුළ විදුලි සැපයුම බිඳවැටී ඇති බැවින් අළුත උපන් නොමේරූ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අවශ්‍ය උණුසුම ලබාදීමට නොහැකිව වෛද්‍යවරුන් දැඩි අර්බුදයකට පත්ව සිටින බව ද සඳහන්.

මේ අතර රෝහල තුළ සිටින රෝගී කුඩා දරුවන්ට හා ළදරුවන්ට අවශ්‍ය කිරිවර්ග ද නොමැති බව වාර්තා වනවා.

ඊශ්‍රායල හමුදාව රෝහලට වට කර ඇති බැවින් කිසිවෙකුට අල් ෂිෆා රෝහලෙන් පිටව යාමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.