Thursday, May 16, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමාස් සිව්දින සටන් විරාමයේ අවසන් දිනය අදයි





ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එළඹි සිව්දින සටන් විරාමයේ අවසන් දිනය අදයි.

ඒ අනුව ගිවිසුම දීර්ඝ කර තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය ඉදිරිපත් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ මුල් ගිවිසුම දීර්ඝ කළ හැකි නමුත් සටන් විරාම කාලයෙන් පසු ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් පූර්ණ බලයෙන් යුතුව නැවත ආරම්භ කරන බවයි.

ඊයේ දිනයේදී පමණක් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් දාහතර දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිදහස් කර තිබුණා.

ඔවුන් අතර සිව් හැවිරිදි ගැහැණු දරුවෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනයේදීත් හමාස් සංවිධානය විසින් තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදා හැරීමට නියමිත අතර ඊශ්‍රායලය ද පලස්තීන සිරකරුවන් පිරිසක් මුදාහැරීමට නියමිතයි.

හමාස් සංවිධානය විසින් මේ දක්වා ප්‍රාණ ඇපකරුවන් 58 දෙනෙකු මුදාහැර තිබෙනවා.

ඊශ්‍රායලය නිදහස් කර ඇති පලස්තීන සිරකරුවන් ගණන 117 ක්.