Saturday, July 27, 2024

General line - 0115112241

බුස්ස බන්ධනාගාරයේ සිද්ධියට අදාළ නිලධාරීන් 5 දෙනෙකුගෙ වැඩ තහනම්




බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් විසින් CCTV කැමරා වලට හානි කිරීමේ සිද්ධියට අදාළ නිලධාරීන් 5 දෙනෙකුගෙ වැඩ තහනම් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ කමිටුව විසින්.

එලෙස වැඩ තහනම් කිරීමට නිර්දේශ කර ඇත්තේ එදින බුස්ස බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් 5 දෙනෙකුගේ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ජෙලර්වරයෙක් සහ නියාමක වරුන් 4 දෙනෙකුගෙ වැඩ තහනම් කිරීමට එලෙස නිර්දේශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි වැඩි දුරටත් පැවසුවේ.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ඝණයේ සැකකරුවෙකු විසින් එම විශේෂ අංශයේ සවිකර තිබූ CCTV කැමරා 08 කට අලාභහානි සිදුකර තිබුණා.

ඊයේ උදෑසන බන්ධනාගාර විවෘත කිරීමෙන් පසුව ව්‍යායාම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවක මෙම හානිය සිදුකර තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.