Saturday, July 27, 2024

General line - 0115112241

සිරියාවේදී පුහුණුව ලැබූ ත්‍රස්ථ සමාජිකයින් දෙදෙනෙකු පකිස්ථානයේ දී අත්අඩංගුවට




සිරියාවේදී පුහුණුව ලැබූ ත්‍රස්ථ සමාජිකයින් දෙදෙනෙකු පොදු ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ සින්ද් ප්‍රාන්තයේ ත්‍රස්ථ විරෝධි දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් සන්තකයේ තිබී  ගිනි අවි, ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි පකිස්ථාන පොලිසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පකිස්ථානයේ හිටපු පොලිස් නිළධාරියෙකු බවද සඳහන්.

ඔහුව 1994 වසරේදී සේවයෙන් පහ කර ඇතැයිද වාර්තා වනවා. සැකකරුවන් දෙදෙනාට විදේශ රටවලින් සැළකිය යුතු අයුරින් මූල්‍යමය ආධාර ලැබී ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.