Saturday, July 27, 2024

General line - 0115112241

මහ බැංකුවේ සිටින මුදල් හොරු නිදැල්ලේද? මැති සබයේදී ප්‍රශ්නයක්




මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අස්ථානගත විම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණ කර ගැනිමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වූයේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා එහිදී විමසීමක් කළා.  


එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.


මේ අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති හමුවට සමඟ ජන බලවේගයෙන් කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවූ බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.


එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එහිදි අදහස් පළ කළා.