Saturday, July 27, 2024

General line - 0115112241

දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි හයසියයක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ දමිත් තිසර




නීතිවිරෝධී දුම්වැටි 600 ක් ප්‍රවාහනය කරමින් සිටිය පුද්ගලයෙක් දිවුලපිටිය පොලිස්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිවුලපිටිය පොලිස්ථානයේ  දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් මතයි.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  පොලිසියට පවසා ඇත්තේ මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරිම සඳහා රැගෙන ගිය බවයි 

මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කර ඇති බවත් සහ මෙම සැකකරු දිවුලපිටිය බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවයි  දිවුලපිටිය පොලිසිය පැවසුවේ.