Thursday, May 9, 2024

General line - 0115112241

යුරෝපයට වැඩ පෙන්වන ආසියාව




මෙම වසරේ යුරෝපීය සංගමයේ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල දෙවන විශාලතම සැපයුම්කරු බවට ඉන්දියාව පත්ව තිබෙනවා.

යුරෝපා සංගමයේ ආනයන සහ අපනයන දත්ත වලට අනුව ඔවුන් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ටොන් මිලියන 7.9 ක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එය 2022 වසරේ එම කාලයට සාපේක්ෂව දෙගුණයකින් පමණ වැඩිවීමක්.

2021 වසර සමග සංසන්දනය කරන විට තුන් ගුණයකින් ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

ඒ සමග ඉන්දියාව යුරෝපා සංගමයේ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම්කරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගොස් ඇති අතර වර්තාතාකරණය කල කාල සීමාව තුළ සැපයුම් පරිමාව අනුව සෞදි අරාබියට පමණක් දෙවැනි වී ඇති බවයි පැවසෙන්නේ.

යුරෝපා සංගමය තුළ, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ඉතාලිය ඉන්දියානු ඛනිජ තෙල් නිෂ්පාදනවල විශාලතම පාරිභෝගිකයන් ලෙස නම් කර තිබෙනවා. 

ක්‍රොඒෂියාව, ලැට්වියාව, රුමේනියාව සහ ජර්මනිය ද ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ඛණිජ තෙල්වල ප්‍රමුඛයි පාරිභෝගිකයන් බව සඳහන්.

චීනයට පසුව ආසියාවේ දෙවන විශාලතම තෙල් පිරිපහදුකරුවා වන්නේ ඉන්දියාවයි.