Thursday, May 9, 2024

General line - 0115112241

අමෙරිකානු - චීන සීතල යුද්ධයේ වාසිය ඉන්දියාවට




බටහිර රටවල ඖෂධ නිෂ්පාදකයින් රැසක් මේවනවිට චීනයේ සිදු කරන රසායනික අත්හදා බැලීම් සහ චීන කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධයෙන් පවතින විශ්වාසය පළුදු වී ඇතැයි වාර්තා වනවා.

එය ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා වාසිදායක වීඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනය වසර 20 කට ආසන්න කාලයක් පුරා ඖෂධ පර්යේෂණ සහ නිෂ්පාදන සේවා සඳහා ලොව රටවල් වඩාත් කැමති ස්ථානය වී තිබේ.

ඊට හේතුව වන්නේ චීනයේ ඖෂධ නිෂ්පාදනයේ නියුතු කොන්ත්‍රාත්කරුවන් විසින් පිරිනමනු ලබන අඩු පිරිවැය සහ වේගවත් සේවාව හේතුවෙන්.

කෙසේවෙතත් අමෙරිකාව සහ චීනය අතර පවතින සීතල වෙළඳ යුද්ධයේ වාසිය මේවනවිට ආසියාවේ නැගී එන බලවතා වන ඉන්දියාවට හිමිවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් අමෙරිකාවේ මිත්‍ර බටහිර රටවල් ඉන්දිය වෙළඳපල කරා පැමිණීම ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඖෂධ නිෂ්පාදනයේදී ද චීනයෙන් අහිමි වන අවස්ථා ඉන්දියාව වෙත ගලා එමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.