Thursday, May 9, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදාව දකුණිනුත් ගාසා තීරයට ඇතුළු වෙයි




ඊශ්‍රායලයේ පාබල් හමුදාව ගාසා තීරයේ දකුණු ප්‍රදේශය තුළට ඇතුළු වෙමින් සිටින බව වාර්තා වනවා.

සටන් විරාමය බිඳ වැටුනු පසු ඊශ්‍රායලය හමාස් සංවිධානය ඉල්ක්ක කර සිදුකරන මෙහෙයුම් තීව්‍ර කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ස්ථාපිත හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථාන හා ආයුධ ගබඩා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යූනිස් හි තත්ත්වය අතිශය ව්‍යවසනකාරී බවයි.

මේ අතර සිය රට වෙනුවෙන් සටන් වැදීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බව අමෙරිකාව පවසනවා.

එහෙත් ගාසා හි සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායලයට වගකීමක් පවතින බවයි අමෙරිකාව පවසන්නේ.