Thursday, May 9, 2024

General line - 0115112241

පකිස්තානයේ බස් රථයක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්.




පකිස්තානයේ ගිල්ගිට් බෝල්ටිස්තානයේ සිට ඉස්ලාමාබාද් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය හේතුවෙන් බස් රථය ට්‍රක් රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

මිය ගිය පිරිස අතර ට්‍රක් රථයේ රියදුරු ද වන බව සඳහන්.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් පොලිස් නිලධාරීයෙකු ද තුවාල ලැබූ පිරිස අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බස් රථයේ ගමන් ගත් මගීන් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බලධාරීන් පවසන්නේ බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් විසින් භාර ගෙන නැහැ.