Wednesday, May 8, 2024

General line - 0115112241

ලෝක ප්‍රභලයින් තිදෙනෙක් ඇමරිකාවේදී හමුවෙයි




ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ඉකුත්දා අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ්  ඔස්ටින් සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක රාජ්‍ය ලේකම් Grant Shapps හමුවුණා.

ඒ, රටවල් ත්‍රිත්වය අතර පවතින අකුස් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී එම හමුව සිදු වුණා.

ඔවුන් මෙලෙස හමුවන්නේ කලාපය තුළ චීනය තුළ සිදු කරන අත්තනෝමති ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චෝදනා කර තිබුනා.

චීනයේ හැසිරීම කණස්සල්ලට කරුණක් බවයි  ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

දකුණු චීන මුහුද පදනම් කර ගනිමින් චීනය ඉකුත් දිනවල අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය සමග අර්බුධ ඇති කර ගත්තා.

පැසිෆික් කලාපයේ චීනයේ ආක්‍රමණශීලීත්වයට එරෙහිව ඔස්ට්‍රේලියාව, අමෙරිකාව හා බ්‍රිතාන්‍ය භාවිතා කරනු ලබන තාක්ෂණයන් අතර' කෘත්‍රිම බුද්ධිය, ඩ්‍රෝන යානා සහ ගැඹුරු අභ්‍යවකාශ රේඩාර් ද වන බවයි වාර්තා වන්නේ.