Wednesday, May 8, 2024

General line - 0115112241

අමෙරිකාවේ සිටින ඉන්දීය සිසුන් ගණන වාර්තා ගත ලෙස ඉහළට




අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරන ඉන්දීය සිසුන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාසෙට්ටි පවසනවා.

ඒ අනුව 2022 - 23 අධ්‍යයන වර්ෂය තුළ අමෙරිකාවේ අධ්‍යාපනය ලබන ඉන්දියානු සිසුන් සංඛ්‍යාව 268,000 ඉක්මවා ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

අමෙරිකාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ගෙන් හතරෙන් එකක් ඉන්දීය සිසුන් බව ද ඔහු අනාවරණ කළා.

අමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබන ඉන්දීය සිසුන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගිය තුන්වන අවස්ථාව මෙය බව ද ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කළා. 

අමෙරිකාව සහ ඉන්දියාව අතර සබඳතාව වර්ධනය සඳහා ගොඩනඟන සහයෝගිතාවයේ පාලම අමෙරිකාවට සහ ඉන්දියාවට වඩා බෙහෙවින් විශාල බව ද ඔහු ප්‍රකාශ කළා.