Friday, January 3, 2025

General line - 0115112241

ලොකු ලූණු මිල අහස උසට යද්දී දේශීය ලොකු ලූණු අස්වැන්නට හානි




වෙළඳපොළේ ලොකු ලූණු මිල ඉහළ අගයක පවතින වටපිටාවක දේශිය ලොකු ලූණු අස්වැන්නට හානි සිදු වූ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ගොවින් පවසන්නේ ඉකුත් සමයේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් දේශිය ලොකු ලූණු අස්වැන්නද කැපී පෙනෙන ලෙස පහත ගොස් ඇති බවයි.

සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5,000ක බී ලූණු අස්වැන්නක් ලබා ගත හැකි වුවද මෙවර ලබා ගෙන ඇත්තේ අක්කරයකින් කිලෝ 1,000ක් පමණක් බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ.


කෙසේවෙතත් ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන පැවසුවේ මේ මාසය අවසන් වන තුරු සතොස හරහා බී ලූනූ කිලෝ 1ක් රුපියල් 400කට ලබා දෙන බවයි. 


අද වන විට වෙළඳපොළේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතරතුර, ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ලොකු ලූණු ලබා ගැනීම සඳහා වෙළඳ අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ලබන සතියේදී ලොකු ලූණු මිල අඩු වනු ඇති බවත් වෙළඳපොළ ආරංචිමාර්ග පැවසුවා.