Thursday, May 9, 2024

General line - 0115112241

ඕමානය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්?




අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් අතර හමුවක් දිල්ලි නුවරදී පවත්වා තිබෙනවා.

එහිදී දෙපාර්ශවය අතර පවතින වාණිජ, සංස්කෘතිය, ආරක්‍ෂාව සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි සඳහන්.

රටවල් ද්විත්වය අතර ආර්ථික සහයෝගීතාවයට නව මානයක් එක් කරන මෙම ගිවිසුමට ඉක්මනින් අත්සන් කිරීමට දෙපාර්ශවය අපේක්ෂාවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද එම සාකච්ඡා සඳහා එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.