Friday, September 20, 2024

General line - 0115112241

කරූට දැනුණු ලස්‌සන කාන්තා හඬ



ලතා වල්පොල ගායන ශිල්පිනිය දැනට තරමක්‌ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

ඇගේ දුක සැප බලන්නට කථානායක කරූ ජයසූරිය පසුගිය සතියේ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ ගමනට ඔහුගේ බිරිඳ වසන්තා ජයසූරියත් එක්ව තිබෙනවා.

ලතා සහ දියණිය ධම්මිකා, ජයසූරිය යුවළ රස ගැන්වීමට මෙම අවස්ථාවේ දී පෙරදිග මුතු ඇටයයි ගීතය ගායනා කර ඇති බවයි පැවසෙන්නේ.

කථානායක කරූ ජයසූරිය ඒ අවස්ථාවේ සඳහන් කර ඇත්තේ මියුසික්‌ නැතුවත් ලතාගේ කටහඬ හරි ලස්‌සන බවයි.