Saturday, November 30, 2024

General line - 0115112241

අධිවේගයේ ආදායම් වාර්තා අලුත් වෙයි




අධිවේගී මාර්ගයක දිනක ලැබූ වැඩිම ආදායම පසුගිය 23 වනදා වාර්තා වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එදින රුපියල් පන් කෝටි එක් ලක්‍ෂ 74,550ක් ඉපැයූ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

එදින අධිවේගී මාර්ගවල ධාවනය වූ වාහන සංඛ්‍යාව එක් ලක්‍ෂ 45,503ක් පමණ වනවා.

ඒ අනුව අධිවේගී මාර්ගවලින් සාමාන්‍ය දිනක හිමි ආදායම මෙන් සියයට 40 ක වැඩිවීමක් පසුගිය 23 වනදා උපයා තිබෙනවා.

මේ අතර පසුගිය 22 වනදා ද අධිවේගී මාර්ගවලින් රුපියල් හාර කෝටි හැට හතර ලක්‍ෂ 57,600ක මුදලක් උපයා ඇත්තේ එම මාර්ගවල රථ වාහන එක් ලක්‍ෂ 40,791 ක් ගමන් කිරීම හේතුවෙන්.

ඊයේ දිනයේ රුපියල් හාර කෝටි විසි හත් ලක්‍ෂ 42,200 ක මුදලක් ඉපැයූ බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළා.