තේ, කෙටි ආහාර හා බත් ඇතුළු අනෙකුත් ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දමන බවට ආපනශාලා සංගම් ප්‍රකාශ කළත් තමන් මෙතෙක් එලෙස මිල ගණන් ඉහළ දමා නොමැති බව ඇතැම් ආපනශාලා හිමියන් පවසනවා.
පිරිවැය ඉහළ ගියද පාරිභෝගිකයන් පිළිබඳ සිතා තවමත් පැරණි මිල ගණන් යටතේ ආහාර වර්ග අලෙවිකරන බවයි නෙත් නිවුස් කළ ක්ෂේත්‍ර චාරිකාවකදී ඔවුන් කියා සිටියේ. තවත් සති දෙකක පමණ කාලයක් පැරණි මිල ගණන් යටතේ ආහාර වර්ග අලෙවි කර අනතුරුව තීරණයක් ගන්නා බවද එම ආපනශාලා හිමියන් පැවසුවා.
කෙසේවෙතත් ජනවාරි පළමුවනදා සිට වැට් බදු, ඉන්ධන, ජල සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ එදින සිටම ඇතැම් ආපනශාලාවල ආහාරපාන මිල ගණන් ඉහළ දැමුනා.
සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයද ප්‍රකාශ කළේ ඊයේ දිනයේ සිට තේ, කිරි තේ සහ සියලු ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දමන බවයි.
කෙසේවෙතත් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ නිසි ක්‍රමවේදයක් යටතේ සහන මිලකට අමුද්‍රව්‍ය ලබා දෙන්නේ නම් ආහාර මිල ගණන් පහත හෙළීමට කටයුතු කරන බවයි.