එළවළු මිල ඉහළයාම හමුවේ මුරුංගා කිලෝවක් රුපියල් 3,000 ක මිලකට අළෙවි වී තිබෙනවා.
ඒ, යාපනය සතිපොලේදීයි.
මුරුංගා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 2,500 ක් ලෙස බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මුරුංගා අස්වැන්න සුළු වශයෙන් වෙළදපොලට පැමිණීම එලෙස මිල ඉහළ යාමට තවත් හේතුවක් වී තිබෙනවා.
දිවයින පුරා අද දිනයේද එළවළු අළෙවි කෙරුණේ ඉහළ මිල ගණන් යටත් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර මධ්‍යම පළාතේ එළවළු වගා සදහා භාවිතයට ගැනෙන ආධාරක හිගවීම හේතුවෙන් තමන් අපහසුතාවන්ට මුහුණ දී සිටින බව ගොවි සංවිධාන පවසනවා.
බෝංචි, මෑ, වැටකොළු, දඹල සහ කරවිල වැනි වැල් සහිත වගාවන් සදහා ආධාරක ලෙස යොදා ගැනෙන්නේ ඇල්බීසියා දඬු බවයි ගොවීන් පැවසුවේ.
එහෙත් පසුගිය දිනවල ඇදහැළුණු මහවැසි හේතුවෙන් එළවළු වගා සදහා යොදා ගන්නා ආධාරක හිගය මතුව ඇති බවයි ගොවීන් පෙන්වා දුන්නේ.
ඒ අනුව ඇල්බීසියා දඬුවක මිල මේ වනවිට රුපියල් දහයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර වැසි ජලය බැස නොයාම හේතුවෙන් තම වගා බිම් විනාශයට පත්ව ඇති බව කල්පිටියේ ප්‍රදේශ කිහිපයක ගොවීන් පවසනවා.
එලෙස පීඩාවට පත්ව ඇත්තේ දළුව, නිර්මලපුර, මාම්පූරිය ඇතුළු ගම්මාන කිහිපයක ගොවීන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම ගොවීන් ළුෑණු, මිරිස්, ගෝවා, මෑ කරල්, බෝංචි, රාබු, බණ්ඩක්කා, තක්කාලි, ගස් ලබු, ඇතුළු වගාවන් රැසක නිරතව සිටියා.