Thursday, October 3, 2024

General line - 0115112241

මැගසින් බන්ධාගාරයේ රැද වූ මහින්ද වෛද්‍ය පරික්ෂාවකට




රක්ෂිත බන්ධනාගාර ගත කළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඊයේ පස්වරුවේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකරු පළමුව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන් අනතුරුව ඔහු නවක සිරකරුවන් රඳවනු ලබන වාට්ටුවේ රඳවා තිබෙනවා.

එන් වාට්ටුවේ ඔහු මේ වන විට පසුවන්නේ තවත් රැඳවියන් 250කට ආසන්න පිරිසක් සමගයි.

මැගසින් බන්ධනාගාරයෙන් රැඳවියන්ට ලබා දෙන රාත්‍රී ආහාර වේලද ඔහු ලබා ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට බන්ධනාගාරය තුළදී විශේෂ සැලකිල්ලක් නොදක්වන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඔහු ඊයේ දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ අදාළ සැකකරු අංගොඩ ජාතික මානසික  රෝග විද්‍යායතනය හමුවට ඉදිරිපත් කර  ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමටද පියවර ගන්නා ලෙසයි.