Saturday, November 30, 2024

General line - 0115112241

රාජ්‍ය ආදායම ශක්තිමත් වීම රටේ තිරසර පැවැත්මට ඉතා වැදගත් ශෙහාන් සේමසිංහ කියයි




තවදුරටත් රජය සාකච්ඡා කරමින් සිටින්නේ පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් නොව ආදායම් බදු ගෙවීම පැහැර හැර සිටින හා නිසි අයුරින් බදු නොගෙවන පුද්ගලයින් සහ ආයතන නිසි පරිදි බදු ගෙවීම සඳහා යොමු කරවීම සම්බන්ධයෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය ආදායම ශක්තිමත් වීම රටේ තිරසර පැවැත්මට ඉතා වැදගත් බැවින් ඇතැම් කණ්ඩායම් එම වැඩපිළිවෙලට බාධා එල්ල කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


එදිනෙදා ගනුදෙනු කිරීමේදී කිසියම් ව්‍යාපාරයක් තමන්ගෙන් එකතු කළ අගය මත බදු යටතේ මුදල් ප්‍රමාණයක් අය කරන්නේ නම් ජනතාව එම ව්‍යාපාරයෙන් බදු ලියාපදිංචි අංකය ලබාගැනීම ඉතා වැදගත් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.