Monday, April 29, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනස් කිරීමට තීරණයක්



විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව උසස් අධ්‍යාපන කොමිසමක් මෙම වසර තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

ගෝලීය වශයෙන් අවශ්‍ය වූ උසස් අධ්‍යාපන ක්‍රමයක් සඳහා එම නව කොමිසම ස්ථාපිත කරන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 6දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසයි බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

ඒ, සමනලවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 6දෙනා බලංගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් එම විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණා.