Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ බලාපොරොත්තුව




ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලිය පූර්ණ තරඟාවලි ජයකින් නිමා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව බව චරිත් අසලංක පවසනවා.

දෙරට අතර ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟය ජය ගනු ලැබුවේ ලකුණු 155කින්.

නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 308ක් රැස් කළා.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ පළමු  කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 18 ක් ලබා සිටියදි දැවි ගිය අතර අවිශ්ක  ප්‍රනාන්දු  ලකුණු  05 කට දැවි ගියා.

ඉන් අනතුරු  පිටියට පිවිසි නායක කුසල්  මෙන්ඩිස්  සහ සදීර  සමරවික්‍රම  තුන්වන කඩුල්ල  වෙනුවෙන්  ලකුණු  103 සබදතාවක් ගොඩ නැගුවා.  

තුන්වන කඩුල්ල ලෙස සදිර සමරවික්‍රම ලකුණු  52 කට සහ නායක කුසල් මෙන්ඩිස් සිව්වන කඩුල්ල ලෙස ලකුණු  61 ක් ලබා සිටියදී දැවී ගියා.

පස්වන කඩුල්ල ලෙස ජනිත් ලියනගේ ලකුණු  50 ලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රීඩා කරමින් පන්දු 74කදි හතරේ පාරවල් 09 සහ හයේ පාරවල් 02 සමගින්  ලකුණු 97ක් නොදැවී රැස් කළා.

ජයග්‍රාහී ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට පිටියට  පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දු වාර 33යි පන්දු 05ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 153ක් පමණයි. 

මේ, එම තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වමත් පිතිකරු චරිත් අසලංක.


ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවන එක් දින තරඟයද ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාලෝලීන් සුබ පැතුම් එක් කළේ මෙලෙසයි.


දෙරට අතර අවසන් එක් දින ක්‍රිකට් තරඟය ලබන 14වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.