Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගන් ඉනිම ලකුණු 266 කට සීමා වෙයි




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 266 ක් රැස් කළා.

අස්මතුල්ලා ඔමාර්සායි ලකුණු 54 ක් සහ රහමඩ් ෂා ලකුණු 65 ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් ලකුණු 45 කට කඩුලු 3 යි.

අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය අතර කඩුලු 2බැඟින් බෙදී ගියා.