Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරඟාවලි ජයක් - පැතුම්ගෙන් වාර්තාවක්




ඇෆ්ගනිස්තානය සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, තුන්වන සහ අවසන් එක්දින තරඟය කඬුලු 7 කින් ජයගනිමින්. ශ්‍රී ලංකාව මෙලෙස පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගන්නේ වසර 02 කට පසුවයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 266 ක් පමණයි.

ඇෆ්ගන් ඉනිමේ අවසන් කඬුලු 06 ලකුණු 43 ක් තුළ බිදදැමීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සම්ත්වීම එහිදී කැපී පෙනුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 35 යි පන්දු දෙකක් අවසානයේ කඬුලු 03 ක් දැවී සිය ඉලක්කය පසුකර ගියා. 

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය පස්වන එක්දින ශතකය වාර්තාකරමින් රැස්කළ ලකුණු සංඛයාව 118 ක්.

ඒ අනුව ඔහු මෙම තරඟාවලියේදී පමණක් තරඟ 03 කදී ලකුණු 346 ක් රැස්කර ගත්තා.

තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියක පිතිකරුවෙකු රැස්කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවෙකු තරග 03 ක එක්දින තරගාවලියක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. 

මිට අමතරව පැතුම් නිස්සංක ඊයේ එක්දින ලකුණු 2,000 සීමාව ද පසුකර ගියා.

ඔහු එහිදී අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු 2,000 සීමාව පසුකර ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ද පත්වුණා.

ඔහු මෙම කඩඉම පසු කළේ තරග 52 කින්.

මිට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ උපුල් තරංගයි.

ඔහු වේගවත්ම එක්දින ලකුණු 2,000 රැස් කර තිබුණේ තරග 63 කින්.

පැතුම්ට අනගි සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91 ක් රැස් කළා.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පන්දුවාර 20 තරඟාවලිය ලබන සෙනසුරාදා ආරම්භ වනවා.

සියලු තරඟ පැවැත්වෙන්නේ දඹුල්ලේදීයි.