Tuesday, May 7, 2024

General line - 0115112241

මීළඟ විස්සයි 20 ලෝක කුසලානයේදීත් ඉන්දීය පිළේ නායකත්වය රෝහිත් ශර්මාට




මෙම වසරේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට රෝහිත් ශර්මා පත් කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

එහි ලේකම් ජේ ශා තහවුරු කළේ රෝහිත් ශර්මා මෙවර එළඹෙන විස්සයි 20 ලෝක කුසලානයේදී ඉන්දියාව මෙහෙයවනු ඇති බවයි.

ඉන්දීය විස්සයි 20 නායකත්වය සම්බන්ධයෙන් පසුගිය සමයේ විවිධ වාර්තා පළ වුණා.

වරින්වර නායකත්වය වෙනස් වීම ඊට හේතුවයි.

පළමුව රෝහිත් ශර්මාගේ නායකත්වය ඉවත් කර ඒ වෙනුවට හර්දික් පාන්ඩයා පත් කෙරුණා.

ඉන්දීය කණ්ඩායමේ ඉදිරි T 20 නායකයා ඔහු බවටයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් පසුව එම නායකත්වය සූර්යකුමාර් යාදෙව්ට පැවරුණා.

මැතකදී පැවැති තරග සඳහා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ඔහුයි.

එවන් පසුබිමකයි යළිත් ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයට රෝහිත් ශර්මා පත් කිරීමට තීරණය කර ඇත්තේ. 

එහි විශේෂත්වය වන්නේ රෝහිත් ශර්මා 2022 වසරේ නොවැම්බර් මාසයේ සිට 2024 ජනවාරි මාසය දක්වා කිසිඳු පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගයකදී ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකිරීමයි.