Wednesday, May 8, 2024

General line - 0115112241

මාගේ අරමුණ ලොව හොඳම පිතිකරුවා වීමයි - පැතුම්




සිය බලාපොරොත්තුව ලොව හොඳම පිතිකරුවා වීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

එමෙන්ම තමන් වඩාත් ප්‍රියකරන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම යලි නියෝජනය කිරීම සිය අපේක්ෂාවක් වන බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවති තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළා.


ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ කඬුලු 7 කින්.

මෙම තරඟයේ පළමුවෙන් ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 කදී සියලුදෙනා දැවී ලකුණු 266 ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 2 කදී කඬුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පැතුම් නිස්සංක පන්දු 101 කදී ලකුණු 118 ක් රැස්කළ අතර මෙය ඔහුගේ පස්වන එක්දින ශතකය ලෙසයි වාර්තා අතරට එක්වුණේ.

එම තරඟයේ සහ තරඟාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේ ද පැතුම් නිස්සංකයි.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් පැතුම් වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.