Tuesday, May 7, 2024

General line - 0115112241

ඇෆ්ගන් - ශ්‍රී ලංකා විස්සයි විස්ස පළමු තරඟය අද




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අද ආරම්භ වනවා.

දෙරට අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟය රාත්‍රී 07ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරඟාවලියට සහ අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් විස්සයි විස්ස නායක වනිඳු හසරංග අදහස් පළ කළා.


ඇෆ්ගනිස්තාන කණ්ඩායමට අභියෝගයක් ලබා දිය හැකි පන්දු යවන බළඇණියක් කණ්ඩායමට ඇතුළත් බවද වනිඳු හසරංග වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් අද පැවැත්වෙන්නේ වසර 05කින් පමණ පසුවයි.

ඒ, නවීකරණ කටයුතු නිසාවෙන් පසුගිය කාලයේ එම ක්‍රීඩාංගනය වසා තැබීම හේතුවෙන්.