Tuesday, May 7, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයට සුදානම් වන හැටි වනිදු හෙළිකරයි  




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා අද පැවැත්වෙන තරඟයද පෙර සූදානමක් බව පන්දු වාර විස්සයි විස්ස කණ්ඩායම් නායක වනිඳු හසරංග පවසනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන තරඟ 06දී ක්‍රීඩකයින්ට අඩුපාඩු මඟහරවා ගැනීමට අවස්ථාව පවතින බවයි ඔහු කියා සිටියේ.

 
තරඟ ජයග්‍රහණ කළ හැකි මූලික සංචිතය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරන බවද විස්සයි විස්ස නායක වනිඳු හසරංග වැඩිදුරටත් කියා සිටියා.


ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

දෙරට අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟය රාත්‍රී 07ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.