Tuesday, May 7, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුව පන්දුව අතට ගනී




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව තවත් නොබෝ වේලාවකින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට නියමිතයි.

ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පිටියට එක්වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය සිල්වා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට නියමිතයි.

තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස නායක වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක කණ්ඩායමට ඇතුළත්.

මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බල ඇණියට එක්ව තිබෙනවා.

තරඟය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.