Sunday, November 24, 2024

General line - 0115112241

කරටකර තරගයකින් පසු ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 04 ක තියුණු ජයක්




ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වගකීම් සහගත ක්‍රීඩා විලාසය හා පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කලා.

ශ්‍රී ලංකා පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී නායකත්වයේ වගකීම කරට ගත් වනිදු හසරංග පන්දු 32කදී ලකුණු 67ක් රැස් කලා.

ඊට හයේ පහර 03ක් හා හතරේ පහර 07ක් ඇතුලත්.

සධීර සමරවික්‍රම ලකුණු 25යි.

ධනංජයද සිල්වා ලකුණු 24යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 156ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ මෙන්ම ඇෆ්ගනිස්ථාන ඉනිමේද පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී නායකත්වයේ වගකීම කරට ගත් ඉබ්‍රාහීම් සද්‍රාන් පන්දු 55කදී නොදැවී ලකුණු 67ක් රැස් කලා.

තරගයේ උණුසුම වැඩිකරමින් ඇෆ්ගනිස්ථානයට අවසන් පන්දු 12දී රැස් කර ගත යුතුව තිබුණේ ලකුණු 14ක් පමණයි.

19වන පන්දුවාරය ක්‍රියාත්මක කල යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ එහිදී ලකුණු 03ක් පමණක් ලබාදෙමින් කඩුලු 02ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කලා.

ඔහු ඇෆ්ගන් පිතිකරුවන් අසරණ කලේ විටක පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවමින්.

තරගයේ තීරණය වෙනස් කිරීමට ශ්‍රී ලංකා පන්දු රැකීමද ඉවහල් වුණා. 

නියමිත පන්දුවාර 04දී ලකුණු 24ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් බිද හෙලූ මතීෂ පතිරණ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.