Monday, April 29, 2024

General line - 0115112241

 මතීෂගේ සුපිරි පන්දු යැවීමේ වේගය ගැන අනාවරණයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැති තරග 03 කින් සමන්විත පන්දුවාර 20 යි 20 තරගායවලියේ පළමු තරගයේදී තියුණු තරගයකින් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 04 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තා.

එහිදී වැඩි අවධානයකට ලක්වුණේ ශ්‍රි ලංකා කණ්ඩායමේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳවයි. 

තරගය ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දු 12 ක් තුලදී ලකුණු 14 ක පහසු ඉලක්කයක් හිමිව තිබුණත්, 19 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීෂ පතිරණ එම පන්දු වාරයේදී ලකුණු 03 ක් පමණක් ලබාදෙමින් කඩුළු 02 ක් බිඳ හෙලුවා.

ඔහු ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේදී පැයට කිලෝ මීටර් 150 වේගය ඉක්මවූ පන්දු කිහිපයක් යොමු කිරීම සම්බන්ධයෙන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතීෂ පතිරණගෙන් විමසීමක් කළා.


මේ, එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ.