Friday, April 26, 2024

General line - 0115112241

කැම්බල්පිටියට ජනතාව පුරවන හැටි අපි පෙන්වන්නම්




ප‍්‍රධාන පක්ෂ දෙක එක්ව යන ගමන අසීරු වුවද එය ශක්තිමත් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. දෙනියායේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වූවා.

“අපි මහා මැතිවරණයකට ගියා රජයක් හැදුවා. අපට 2/3 ක් ලැබුණොත් ජාතික ආණ්ඩුවක් ඇති කරන බවට අප කියා සිටියා. 2/3 ක යනු පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව මිස රටෙන් 2/3 ක් නොවෙයි. ඒ අනුව අපි ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළා. දැන් අවුරුද්දක් ගතවී තිබෙනවා. බොහෝ දෙනා ආණ්ඩුව වැටෙනවා, වැටෙනවා කිව්වත් එසේ වූයේ නැහැ. වැටුණේ කවුද කියා ඔබතුමන්ලාට මා කිව යුතු නැහැ.
මේක අලුත් සංකල්පයක්. ඒ අනුව අපි එකට එකතු වෙලා වැඩ කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයවත්, යූඑන්පීයවත් නැති කරන්න කියා මම කියන්නේ නැහැ. අපේ අයගේ අදහසක් තිබෙනවා දිනුවේ යුඑන්පියයි. නමුත් රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි කියා. යූඑන්පීය ඇවිත් අපිව නැති කරනවා කියා ශ්‍රී ලනිපයයේ බියක් තිබෙනවා. ටිකෙන් ටික මේ ක්‍රමය වෙනස් කොට අපි ඉදිරියට යා යුතුයි. මේ ගමන තනියම යනවාට වඩා ටිකක් අමාරුයි. නමුත් ඒ ගමන වඩාත් ශක්තිමත් බව කියන්න අවශ්‍යයි. මේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරන බව දැන් ලෝකය දන්නවා. ඔවුන් තුළ අප කෙරෙහි විශ්වාසයක් පවතිනවා. ව්‍යාපාරිකයින් පැත්තෙන් බැලූවොත් මේ ආණ්ඩුව අයින් වෙලා ඊළඟ ආණ්ඩුවක් ආවත් ඒ ව්‍යාපාර කඩා නොවැටෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබෙනවා. ඊට හේතුව ඇතුළේ ඉන්නේ ඒ පක්‍ෂ දෙක පමණක් නිසයි. වෙනම තරග කරලා ඒ පක්‍ෂය ජයග්‍රහණය කළත් බය වෙන්න දෙයක් නැහැ. හේතුව එදා දෙගොල්ලම හවුලේගත් තීරණ මත සිදුකළ පාලනයක් නිසයි”.

අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අභියෝගයක් ද කළා.

“ආණ්ඩුව කරන ගමන්ම ඒ කටයුතු ග්‍රාම රාජ්‍ය, පළාත් සභා ක්‍රියාත්මක කරන්නට මෙහෙයවන්නට සංවිධානයක් අවශ්‍යයි. ඒ සංවිධානය එක්සත් ජාතික පක්‍ෂයයි. අපි දැන් පක්‍ෂයේ 70 වැනි සංවත්සරය සමරන්නට සූදානමින් සිටිනවා. එදාට කැම්බල් පිටියට එන්න. කැම්බල්පිටිය පුරවන්නේ කෙසේදැයි අපි පෙන්වන්නම්. වෙන අයට පුරවන්නට බැරි වුණ කැම්බල්පිටිය අපි එදාට පුරවලා පෙන්වමු. කැම්බල් පිටිය පමණක් නොව ඒ අවට ඇති පාරවලූත් ජනතාවගෙන් පුරවමු. සෙනඟ කියන වචනයේ නිවැරදි අර්ථය මාධ්‍ය හරිකාරව දකින්නේ එදාටයි. ඒගොල්ලෝ නැති සෙනඟ පෙන්වන්න ගියත් අපි ඇත්ත සෙනඟ පෙන්වමු”.

Image00001pm Image00002pm Image00003pm Image00004pm Image00005pm