Monday, April 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුව අතට ගනී   




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට ඇරයුම් කළා.

පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12ක් අවසානයේ  ලකුණු 110ක් කදුළු 4ක් දැවී  ලබාගෙන තිබෙනවා. 

තරඟය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදීයි. 

මේ අතර තරඟය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ක්‍රීඩාලෝලීන් පැමිණිමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.