Monday, April 29, 2024

General line - 0115112241

හොදට හිටපු ක්‍රීඩකයා ඉස්පිරිතාලෙ යවපු හැටි




බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහමන් පන්දුවක් හිසේ වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙවර බීපීඑල් තරඟාවලියේ කමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරන මුස්තාෆිසුර් රහමන් පිතිකරන පුහුණු සැසියකට එක්ව සිටියදී ඔහුගේ හිසේ වම් පස පන්දුවක් වැදී ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ.

පන්දුව හිසේ වැදීමත් සමග ඔහු බිම ඇද වැටී ඇති අතර පුහුණුකරුවන් සහ එහි සිටි ක්‍රීඩකයින් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. 

රෝහල්ගත කිරීමෙන් පසු මුස්තාෆිසූර් රහමන් සී ටී ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුව නොමැති බවයි.

ඒ අනුව ඔහුගේ හිසේ අභ්‍යන්තරයට හානියක් සිදුව නොමැති බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

කෙසේවෙතත් පන්දුව හිසේ වැදීම හේතුවෙන් ඔහුගේ හිසේ බාහිර තුවාලයක් පවතින බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

කමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ මාධ්‍ය කළමණාකරු ප්‍රකාශ කර ඇත්තේ රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මුස්තාෆිසූර් රහමන් පියවි සිහියෙන් සිටි බවයි.