Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පූර්ණ තරගාවලි ජය ලකුණු 03 කින් අහිමි වෙයි




ශ්‍රී ලංකාව සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර 20 යි 20 තරගයෙන් ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය ඊයේ රාත්‍රියේ සමත්වුණා.

තරගයේ ප්‍රථලමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 20 දී කඩුළු 05 ක් දැවී ලකුණු 209 ක් රැස් කළා.

රමනුල්ලා ගුරුබාස් ලකුණු 70 ක් සහ අස්රතුල්ලා සසායි වේගවත් ලකුණු 45 ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ සහ අකිල ධනංජය අතරේ කඩුළු 02 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 206 ක් පමණයි.

වේගවත් පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 30 කදි ලකුණු 60 ක් රැස් කළේ හයේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් සමගින්.

ඔහු පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණා.

සධීර සමරවික්‍රම ලකුණු 23 යි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තුවක් ගෙන ආ කමිඳු මෙන්ඩිස් නොදැවී  ලකුණු 65 ක් රැස් කළේ හයේ පහර 02 ක් සහ හතරේ පහර 07 ක් සමගයි. 

අවසන් පන්දුවාර 02 දී ශ්‍රී ලංකාවට ලකුණු 36 ක් රැස් කර ගත යුතු වුණා.

19 වන පන්දු වාරයේදී ලකුණු 17 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිලට තරගලෙය් ජයග්‍රහණය සඳවහා අවසන් පන්දුවාරයේදී රැස් කර ගත යුතු වූ ඉලක්කය ලකුණු 19 ක්. 

පළමු පන්දු 03 දී කමිඳු ලකුණු 08 ක් රැස් කළ අතර සිව්වන පන්දුවේදී යැවූ ෆුල්ටෝස් පන්දුව සම්බන්ධකයෙන් ක්‍රීඩා මාධ්‍යවල දැඩි කතාබහක් මතු කර තිබෙනවා.

එය නිපන්දුවක් බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කළ නමුත් පිටියේ විනිසුරු එය නිපන්දුවක් ලෙස සංඥා කළේ නැහැ.

තරගය අවසානයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් පිටියේ විනිසුරුගෙන් විමසා සිටින අයුරු දැකගත හැකි වුණා.

කෙසේවෙතත් අවසානයේ ශ්‍රි ලංකාවට ලකුණු 03 කින් තරගයේ ජයග්‍රහණය අහිමි වි ගියා.

එහෙත් ශ්‍රී ලංකාව තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගත්තා.