ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟයේ පරාජයට බලපෑ දුර්වල විනිසුරු තීරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
තරඟයේ අවසන් පන්දුවාරයේදී ඇෆ්ගනිස්තාන පන්දු යවන්නා කමිදු මෙන්ඩිස්ගේ ඉනට ඉහළින් යොමුකළ පන්දුව නිපන්දුවක් ලෙස පැහැදිලිව පෙනී ගිය ද විනිසුරු ලින්ඩල් හැනිබල් එය නිපන්දුවක් ලෙස සටහන් කළේ නැහැ.
එම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ලකුණක් සහ ෆ්‍රී හිට් අවස්ථාවක් අහිමිවී ගිය අතර එය ලකුණු 3 කින් තරඟය පරාජය වීමට ද ප්‍රබල හේතුවක් වුණා.
තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා විස්සයි 20 කන්ඩායමේ නායක වනිදු හසරංග සහ විනිසුරු ලින්ඩල් හැනිබල් අතර සංවාදයක් ඇතිවන ආකාරය ද දක්නට ලැබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවරයා, තරඟ තීරකවරයාට පැමිණිලි කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.
වනිදු හසරංගගේ එම හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරයාධර්ම සංග්‍රහය යටතේ දෙවන මට්ටමේ චෝදනාවක් එල්ලවී ඇති බවට ද වාර්තා පළවනවා.
ඒ අනුව එම සිදුවීමට අදාළව වනිදු හසරංග තරඟ තහනමකට මුහුණදීමේ අවදානමකට මුහුණපා ඇතැයි සඳහන්.
මේ අතර ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදාළ විනිසුරු තීරණය සම්බන්ධයෙන් වනිදු හසරංග දැඩි විවේචනයක් ද සිදුකළා.
එහිදී ඔහු කියා සිටියේ අදාළ විනිසුරුවරයා, විනිසුරු රැකියාව වෙනුවට වෙනත් රැකියාවක් සොයාගැනීම සුදුසු බවයි.