Sunday, September 8, 2024

General line - 0115112241

එළවළු මිල ඉහළ යාම හමුවේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යයි




එළවළු මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමත් සමග කුකුළු මස් ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ වර්තමානයේ වෙළදපොලේ කුකුල් මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඉල්ලුමට සිරිලන සැපයුමක් ලබාදීමට හැකි බවයි.


කෙසේවෙතත් නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් වෙළදපොලේ බිත්තර මිල තවමත් පහළ බැස නොමැති බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් පැවසුවේ.