Sunday, September 8, 2024

General line - 0115112241

ගැබ්ගෙල පිළිකා නිසා අහිමි වන ජිවිත ගැන පුරෝකතනයක්




ගැබ්ගෙල පිළිකාව මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලබ පිළිකාව බවට සමීක්‍ෂණයකින් හෙළිවි තිබෙනවා.

වසරකට වාර්තාවන ගැබ්ගෙල පිළිකා රෝගින් ගණන 1,407 ක් පමණ බවට ගණනය කර ඇති බවත් එම පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමණ වන බවත් අනාවරණ වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම රෝග ව්‍යාප්තිය නොසලකා හැරියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනවිට මරණ එක් ලක්‍ෂ 15,137 ක් වන බවට පුරෝකතනය කර තිබෙනවා.

ඒ අනුව ගැබ්ගෙල පිළිකා හදුනාගැනීමේ හා එය තුරන් කිරීමේ සමීක්‍ෂණයේ පළමු නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් සිදුකළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සෑම අවුරුදු 5කට 10කට වරක් නිරතුරුව හදුනාගැනීමේ ප්‍රාථමික පර්යේෂණයන්ට ලක්කිරීම මගින් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ හැකියාව ලැබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන වෙල් වුමන් වැඩසටහන හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සිදුකරන බව මාතෘ හා ළමාරා්ග පිළිබද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ.