Saturday, July 27, 2024

General line - 0115112241

විදෙස් රටවල සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලිස්පතිගෙන් රතු එළියක්




මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ, මේ වන විටත් විදෙස්ගතව සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

බොරලන්ද ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නව පොලිස් ශිෂ්‍යභට මධ්‍යස්ථානය විවෘත කිරීමට එක් වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.


ළමුන් වැඩි වශයෙන් අපයෝජනවලට සහ අපචාරවලට ලක්ව ඇත්තේ තමාගේ නිවසේදී බවත් ළමුන්ගේ සමාජ චර්යාවන් හැඩගැස්වීමේ වගකීම පැවරී ඇත්තේ පාසල් පද්ධතියට බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.